මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං කෘතිය.
පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ කුණු සෝදපු මිනිසුන්ට ඒ පිරිසිදු රෙදි ඇඳගත් මිනිසුන් විසින් දුන් තුටු පඬුර ඒ මිනිසුන්ගේ සංතානය කිලුටු කරපු එකයි. ඒ හිත කිලුටු කරපු කතාවේ සංවේදී සලකුණ සෙංකොට්ටං ය. 2012 වසරේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත සෙංකොට්ටං නවකතාව සම්මානනීය කෘතියක් බවට පත්විය. මේ විසිවන සියවසේ ලංකාවේ සබරගමු පළාතේ පල්ලේබැද්ද, ගොඩකවෙල ප්‍රදේශය ආශ්‍රිත වූ නොදියුණු ගමක රදක කුලයේ ඈයන්ගේ ජීවන පුවතින් සැකසූවකි. කුලවාදයට තෝතැන්නක් වූ රත්නපුරය දිස්ත්‍රික්කයේ රෙදි සෝදන්නන් විසින් අත්දුටු කුලීනයන්ගේ ක්‍රියාකලාපය සැලකිලි හා පිලිකෙව් කිරීම් හිංසා පීඩාවන් පදනම්කරගත් අතිශය සංවේදී කතා පෙළගැස්මකි. කුලවාදය ඉතා හොඳින් පැලපදියම් වූ ප්‍රදේශයක සිටම කුලවාදයට එල්ල කළ දැවැන්ත පහරක් ලෙස මේ කෘතිය හඳුන්වාදිය හැකිය. වීරප්පුලි හේන්යා ඇතුලු සියලුදෙනාගේම වෘත්තිය වන්නේ රෙදි ඇපිල්ලීම හා කොටහළු චාරිත්‍රයන් ඉටු කිරීමයි. මෙම වෘත්තිය හේතුකොට ගෙන ඔවුහු සමාජයේ පහත් කුල හීන පිරිසක් ලෙස අඩු සැලකිලි ලබයි. ඔහුගේ වැඩිමහළු...