එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ කෘතිය

          සරච්චන්ද්‍රයන් අතින් ලියැවුණු මළගිය ඇත්තෝ නම් වූ වස්තු විෂය නවකතාව අරුත් ග්‍රහණයේ දී ඉතා සූක්ෂම ව විමසා බැලිය යුතුය. එසේ නොවුනහොත් ඊට වැරදි අර්ථකථන ලැබෙන්නට පුළුවන. සංස්කෘතීන් ද්විත්වයක් අතර වන සංස්කෘතිමය යුද්ධයක් මෙම මළගිය ඇත්තෝ නවකතාවේ ප්‍රශ්ඨි ආර්ථය ලෙස අපට පෙනුනද එය අභ්‍යන්තර අර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව පිළිගත යුතුය.ඇතැමුන් වැරදි ග්‍රහණය හේතුකොට ගන්නේ දෙවොන්දරාසං හා නොරිකො සං අතර විවාහය සිදුවූයේ ඔවුන් දෙදෙනා රටවල් දෙකක සංස්කෘතීන් දෙකකට අයත් වූ නිසාද? නවකතාවේ ඇතැම් තැන්වල සඳහන් ප්‍රකාශ හේතුවෙන් කෙනෙකුට මෙවැනි අදහස් ඇතිවීම සාමාන්‍ය දෙයකි. 

          එබැවින් එම කරුණ විමසා බැලීම වැදගත්ය. මළගිය ඇත්තෝ නම් වූ සුනරුත් පිරි කතාව සැකෙවින් මෙසේ දැක්විය හැකිය. දෙවොන්දරාසං නම් වූ ශ්‍රී ලාංකික තරුණයා චිත්‍ර ශිල්පය ප්‍රගුණ කිරීම පිණිස ජපානයට යයි. එහිදී ඔහුට මිදෝරි අවන්හලේ සේවය කරන නොරිකොසං නමැති යුවතිය මුණගැසෙයි. ටික දිනකින් ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වේ. නමුත් එය මා හට සෑහෙන පරිදි දෙදෙනාට නොකියා ගත් ඒකපාර්ශවික ආදරයක් බවයි. ඔහු තෝකියෝ නගරය පුරා ඇවිදිමින් කමින් බොමින් ඉමිහිරි සංගීත ශ්‍රවණය කරමින් ප්‍රීතිප්‍රමෝදය කාලය ගෙවති. මෙසේ ලියලා වැඩෙන අංකුරයට වරින්වර බාධා වේ. ඒ දෙවොන්දරාසං තුළ  ඇතිවන සැකසංකාය. තමා අත්විඳින මේ සුඛාස්වාදය ට අන් පුරුෂයෝ මැදිහත් වේ ද යන බියෙන් ඔහු නිතරම පෙළෙන්නට විය. මේ ඊර්ෂ්‍ය පාර්ශව හැඟීම් හේතුවෙන් දෙදෙනා තුළ මානසික වික්ෂිප්ත භාවයක් ඇති වී ඔවුන්ගේ සම්බන්ධය විභාගයෙන් තොරව වියෝවෙන් කෙලවරවෙයි.

          ජපානයේ සුන්දර පරිසරයෙන් තමා කුල්මත් ව සිටියදී තම ආත්මයට ඇතුළුවූ නොරිකොසං නමැති අවිහිංසක පෙම්වතිය හැර දමා ලංකාවට පැමිණි දෙවොන්දරාසං ඇය ගැන මෙසේ සිතයි. මේ ශිෂ්ටත්වයේ පසුබිමින් ඇය ඉවත් කළහොත් ඇයගේ පෞද්ගලිකත්වය නොනැසේ ද කියා මා තුළ බියක් හට ගත්තේය. ජීවත්ව සිටින්නා වූ ද මිය ගොස් මිය පරලොව ගොස් වෙසෙන්නා වූ ද ඇගේ නෑදෑ පරපුර ඇය වෙන් කළහොත් ඇය නොරිකො වශයෙන් පවතී ද? නැතහොත් වෙන කෙනෙක් බවට පෙරළේ ද? ඇගේ චරිතය ගොතා ඇත්තේ මේ සමාජයේ සිතුම් පැතුම් නමැති නූල් පොට වලිනි. ඒවා කපා හැරිය හොත් ගෙත්තම නොලිහේද?

          දෙවොන්දරාසන්ගේ මේ සංකල්පමනුයෙන් පෙන්නුම් කරනුයේ නොරිකෝසං ජපන් සංස්කෘතිය හා පරිසරය ඉවතට ගත නොහැකි බවයි. එසේ පරිසර අනුබද්ධ අනුව කළහොත් නොරිකොසං නම් වූ ජපන් ලද ඉතිරි වන්නේ නැති බව ද දෙවොන්දරා කියයි. එසේ නම් ඔහු කළ යුතුව තිබුණේ ඇයට වෙනත් කෙනෙකු හා සරණ යාමට ඉඩ දීමයි. නැතිනම් තම ස්වාමි දියණිය හා බද්ධ වී ජපන් සංස්කෘතිය තුළ බින්න බැසීමයි. මෙම අභිප්‍රායන් මත ද්විත්වයම පසෙකලා දෙවොන්දරාසං බලාපොරොත්තුවූයේ නොරිකො සුන්දර තෝකියෝ නගරයේ ම තබා ගනිමින් ඇගෙන් ජීවන මිහිර විඳීමය. මෙය මෙසේ යත් එනම් කවර පරිද්දෙන්ද යත් අත්තක පිපි මලක් නෙළා නොගෙනම මධුව උරනා බ්‍රැන්ඟයෙකු මෙනි. අනිත් අතට ඔහු නොරිකෝගේ නෑදෑ පරපුරක් ගැන කතා කරයි. ඇයට ජපානය හැර දමා පැමිණිය නොහැකි නෑදෑ පරපුරක් වීද? ඇගේ මවත් පියාත් මියපරලොවය. ලේ උරුමය ඇති හිදෙජී හා මමකෝගෙන් ඇයට කවර සෙතක් ද ?එබැවින් දෙවොන්දරාගේ යථෝක්ත ප්‍රකාශය හුදු ආත්මාර්ථකාමී එකක් ම පමණි. නොරිකෝසන්ද තම රටට හා නෑදෑයන්ට ප්‍රේම කරන  බැඳීමක් ඇති අයෙකි. ඇයට ජපානය හැර දමා එන්නට නොහැකි තරම් නෑදෑ පරපුරක් නොසිටියත් ඇය තම මවටත් පියාටත් දැඩි භක්තිවන්තය. ඒ නිසා ම නොරිකො තම මරණින් පසු නකජීමා සොහොනට ඇතුළු වීමේ ආශාවෙන් සිටි බව ඇය ප්‍රකාශ කරයි.


          "ඇත්ත වශයෙන්ම මගේ සිතත් දෙගිඩියාවෙන් ක්‍රියා කරනවා. ඔබ මෙන්ම මමද අනාගතය සකස් කර ගැනීමට දක්ෂ නැත. ඔබට මෙහි ඇවිත් ජීවත්වෙන්න බැරිද? ඉතාමත් හොඳ විදිය ඒක කියා අක්කත් කියනවා. මම කවදා නමුත් අම්මයි තාත්තයි වාසය කරන නකජීමා සොහොනට ඇතුළු වෙන්න කැමතියි...."

           නොරිකෝසංගේ මෙවැනි ප්‍රකාශ තුළින් ජපාන සංස්කෘතියේ ඇති බැඳීම යම් තරමකට පෙනී යන බව සැබෑය.සිය  දෙමව්පියන් කෙරෙහි දැඩි ප්‍රේමය එයට හේතු වූවා විය හැකිය. දෙවොන්දරාසං සමඟ විවාහ වීම සිදු නොවීමට එකම හෝ ප්‍රබලම හේතුව වස්තු විෂය නොවේ. දෙවොන්දරාසන් යම් බලපෑමක් කළේ නම් ඔහු දැඩි තීරනයක එළඹ සිටියේ නම් ඇය මේ සියල්ල හැර දමා ලංකාවට එනු ඇත. නොරිකොසං කියන පරිදි සියලු ගැටලු වලට මුල් වූයේ ඔවුන් දෙදෙනා තුළම පැවති ද්විත්ව මනස මිස අන් කුමක්ද? දෙවොන්දරා සං නොරිකො කෙරෙහි අව්‍යාජ පහත් ප්‍රේමයක් පැවතියේ නම් ඔහු ලංකාවට පැමිණ සිය හිතවතුන් හා හිතවතියන් සමග කමින්, බොමින්, අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රාගයේ ගිලී චිත්ත සන්තාපයකින් තොරව සාද සාමිචි යෙදෙන්නේ කෙසේද? එසේ සිටින අතරවාරයේ ඔහු කියන්නේ තම සංතෘෂ්ටිය රඳා පවතින්නේ මෙරට සමාජ පරිසරය තුළ බවයි.

          "මම සහජයෙන්ම මේ  අයට අයිති නොවේම්ද? තම ඇගෑලිකම  ඔවුන් දක්වන්නේ තමන්ට ඇබ්බැහි වූ ආචාර විදියකින්ය. ඔවුහු පිළිගනිති. මාද ඔවුන් පිළිගත යුතුය. මා වටා වූ සත්‍ය වැළඳ ගතහොත් මීට වඩා තිර සැනසුමක් මට විදිය නොහැකිද ?..." 

          මේ වූ කල්හි දෙවොන්දරාසංගේ හුදු ආත්මාර්ථකාමී ප්‍රකාශයක් පමණි. ඔහු මෙතෙක් කල් කීවේ තමාගේ රටින් ඔහුට නිසි පිළිගැනීමක් නොමැති බවයි. නොරිකො සමග ජපානයේ දී ඉහත කියන ආකාරයේ සතුටක් නොලැබුවේ ද ඔහු එහිදී ආස්වාදනීය පහස ලබා ගත් අහිංසක තරුණිය අනාථ කිරීමෙන් ඇතිවූ සන්තාප මැඩ ගැනීමට බොළඳ උත්සාහයක් ලෙස දැක්විය හැකිය. මෙවැනි සංස්කෘතික වස්තු බීජයක් හෝ ඉදිරිපත් කරන්නේ තම ආත්මය නිර්දේශ කර ගැනීමට විනා අන් දෙයකට නොවෙයි. නවකතාව අන්තර්ගත දෙරටේ සංස්කෘතිය පිළිබඳ කියැවෙන්නේද එහි ප්‍රාසංගික කරුණු විනා මූලික සාධකයක් නොවේ. අපගේ අවධානය යොමුවිය යුත්තේ පරිපූර්ණ නවකතාවේ සමස්තය කෙරෙහිය. මළගිය ඇත්තෝ නවකථාවේ සමස්ත කතා පුවත මත නොව ඒ ඒ චරිතවල සිතුවිලි හා සිදුවීම් දාමය මත පවතී.


          දෙවදරාසන් හා  නොරිකොසං හමු වූ දිනම ඇය කෙරෙහි ප්‍ රේමාර්ද සිතුවිලි ඇති වූවාට සැකනැත. ඇගේ රුව ගැන මෙන් ම විනීත ඇවැතුම් පැවැතුම් ගැන ද ඔහු තෙපලන්නේ එබැවිනි. නොරිකොසං ද දෙවොන්දරාසං කෙරෙහි ප්‍රේමණීය සිතුම් ජනිත කළ බව සිතිය හැකිය. ඔහු පිළිබඳ අපේක්ෂා දල්වා ඇය සිටින්නේ ඒ නිසාය.ඉන් පසු දෙදෙනා තුළම ඔවුනොවුන් කෙරෙහි අඩු වැඩි වශයෙන් ආදරය, කරුණාව, දයාව වැනි මානුෂික ගුණාංග පැවැතුණි. ඔවුන් දෙදෙනාගේ ම රසඥතාවය ද බෙහෙවින් දුරට එක හා සමානය  එබැවින් ඔවුන් කමින් බොමින් නැටුම් බලමින් සතුටු වූහ. ඔවුන්ගේ සැපතට බාධාවන ඇතැම් සිදුවීම් ද සිදු නොවුණාම නොවේ. ඔකතාසන් හා  නොරිකෝගේ කාර්යාලයේ සිටි පෙම්වතුන් පිළිබඳව ලැබුණු ලිපි ආරංචි ඇසීමෙන් දෙවොන්දරා ගේ සිත පෑරිණි. ඔවුන් කෙරෙහි රොස් වූ මනසින් ඊර්ෂ්‍යාවක් ද්වේශයක් ඔහු තුළ ඇතිවිය. නොරිකො සං ගේ සිතට එය වේදනාවක් විය.

           මෙවැනි සිදුවීම් එතරම්ම දුබල ඒවා නොවී ය. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වත් අනාගතය පිළිබඳ තීරණයකට එළැඹිය නොහැකි විය. මේ නිසාද ඇතිවූ චිත්ත සන්තාපයක් නොරිකො විඳ දරා සිටියා ය. එහෙත් දෙවොන්දරාසං ට ඒවා විඳ දරා ගැනීමට නොහැකිය. ඒ නිසා වරක් මරණයේ ඇඳිරිය සෙවීමේ අටියෙන් නිදිපෙති ගිල දැම්මේය. ඒත් ගැටලුව එතැනමය. තමා සිතන්නේ වියවුල රාග යැයි සිතා ගේශාවයන් ද සොයා ගියේය. ඒ එකකින්වත් සැනසුමක් නොලත් හෙතෙම ගම රට බලා පලාවිත් සැනසීම සෙවීය. මෙවැනි චිත්ත සන්තාපයන් හේතු වූ කාරණා කිසිසේත්ම සංස්කෘතික රාමුවකට දැමිය නොහැක. ඒවා හුදෙක්ම ඒ ඒ චරිත ගති ලක්ෂණ අනුව මනසේ ඇති වන්නා වූ අවිනිශ්චිත අවමාන බවය. මේ තත්ත්වය හඳුනා ගැනීමට නම් නවකතාවේ ප්‍රධාන ස්ථානය වන ප්‍රධාන නවකතා නළුවා නිළිය පිළිබඳ පසුබිමත් ඒ තුළ නිර්මාණය වන්නා වූ චෛතසිකගති ස්වභාවයත් විමසා බැලිය යුතුය. දෙවොන්ඳරාසන් නමැති චරිතය කවර කළකින්ද යත් ඔහු චිත්‍ර ශිල්පියෙකි. ඒත් ඔහු තමා ඇඳි චිත්‍ර වලින් අතෘප්තිමත්ය. කලාකරුවන්ගේ ස්වභාවය එසේය. තමා කරන නිර්මාණය කෙතරම් අගනේද ? කලාකරුවා එය මදිය.දෙවොන්ඳරාසන්  ජපානයට පැමිණෙන්නේ වෙනත් මගක් ඔස්සේ චිත්‍ර ශිල්පය ප්‍රගුණ කිරීමට ය. එහිදී ඔහු ජපන් ස්වභාවධර්මයට වශීකෘත වේ. එහි ජීවත්වන පිරිස හා කුළුපගු වෙයි .

          එසේම දෙවොන්දරාසංගේ හිත පැහැරගත් නොරිකෝගේ ඇවතුම් පැවතුම් වලට ඔහුගේ සිත ප්‍රසාදයට පත්වේ.මේ සුන්දර යුවතිය දෙවොන්දරා ගේ මනස නම් වූ කැන්වස් රෙදි කඩ ගිනි පිඹින මකර රුවයි. එමෙන්ම එහි ඇඳි ස්ත්‍රී ලාලිත්‍යයෙන් යුත් මනෝ රූපය හා සදෘශ්‍යයයි. එවැනි රූපයක් දැකීම සාමාන්‍ය ජනයාට රාග ගිනි ජනිත කළ ද කලාකරුවා ඒ රාග ගිනි මැඩ පවත්වා අමන්දානන්දයට පත් කරයි. අපරිමිත දක්ෂතාවයන්ගෙන් ඔද කුස නම් රජ තෙමේ මනස නැඟුණු ලාලිත්‍යමය ස්ත්‍රී මනෝකාය වූ ස්ත්‍රී රූපය  සදිසි පබාවතී ගැයුණු පසු රාගික හා ආලයියය මන්දානන්දයෙන් ඔද වැඩුණු බව කවිසිලුමිණයේ දකින්නට ලැබේ. දෙවොන්දරා සං ට ද අත් වූයේ එවන් ඉරණමකි. එම නිසා හෙතෙම නොරිකෝසං සමග තෝකියෝ නගරය පුරාවටම ඇවිදිමින්, සංගීත රස විඳිමින් ප්‍රීති ප්‍රමෝදයෙන් කල් යවයි. මෙසේ ඔහුට කොතෙක් කල් සිටිය හැකි වේද? තමා පමණක් විය යුතු සුවයට අනෙකුගේ ඇස යොමු නොවන තාක් කල් පමණි. ඒ නිසා ඔහු ඔකතාසන් ,යසුදාසන්  වැනි අය නොරිකො කෙරෙහි ඇල්ම දක්වන්නා වූ විට කුපිත වන්නේ එය දෙවොන්දරා වෙතින් එළියට පතිත ඊර්ෂ්‍යාව,ක්‍රෝධය හා වෛරය වැනි දරුණු චෛතසිකයන්ගේ ස්වරූපයෙනි. මෙලෙස තම සුඛයට බාධාවන ඔවුන් සිහිවන වාරයක් පාසා ඔහු නොරිකෝට කෙනනහිලිකම් කරමින් ඇගෙන් පළිගනියි. දෙවොන්දරා කලා රසාස්වාදයෙන් මිදී සමාජයේදී එක දිගට ඇලී ගැලී සිටීමට පුළුවන්කමක් නැත. ඔහු නොරිකො සමග මෙන්ම මමේකා නමැති ගේෂාව වෙත සිටින්නේද මද කලකි. ඊට හේතු ලෙස ඔහු මීට පෙර පැවිදි වී උපැවිදි වූ අයෙක්  යන්න  සිතිය හැකියි. එම නිසා ඔහුට ජන්මයට වඩා පුරුද්ද ලොකු වන සේ නිතරම අනිත්‍ය ලක්ෂණ සිහිවිය. කම්සැපතේ තාවකාලික බව වැටහී ඉන් ජීවිතය ගැන උකටලී වී ජීවන ගැටලුවලදී දෙගිඩියාවෙන් ගෙවන අතිරයෙන් පසු වේ.

          මෙවන් මානසික පසුබිමක සිටින දෙවොන්දරාසං කෙසේනම් කුටුම්භ සංරක්ෂකයෙ යේදේද? නොරිකෝසන් තුළ පැවතියේද මෙවැනිම  මානසික තත්වයකි. වසන්ත සමයෙහි පිපී සකුරා මලක් බඳු ඇය බාහිර වශයෙන් ප්‍රසන්න අභ්‍යන්තර වශයෙන් නම් ඇය ජීවිත ගැටළු වලින් තෙරෙපෙන්නෙකි. ඇයට කුඩා කළ යුද්ධයේ අමිහිරි කඨෝර රසය විඳීමට සිදු වූ බවත් එයින් ඇරඹුනු සිතැත්තිය එකල ඇති වූ ගින්නකින් සියල්ල විනාශ වූ අතර මවගේ වියෝවෙන් පසු පියා දෙවැනි වර විවාහයෙන් ලද කුඩම්මාගෙන් ඇයට තබා පියාටවත් සැලකිල්ලක් නැති විය. තමන්ට සැබෑ ලෙසම ආලය කළ පියා ද අකාලයේ මියගියේය. හිදෙජි නම් වූ සහෝදරයාගේ ගෙදර නොරිකෝ කුළී කාරියකින් පරිදිය.ඇයට එහි කෑම බීම පවා නොලැබුනේය. තම සහෝදරයාගේ බිරියට ආචාර කලත් ඇගෙන් සමාචාරයක් ලැබුණේවත් නැත. නොරිකොට සිටි ජපන් පෙම්වතුන් මොන මොන හේතු නිසා හෝ ඇගෙන් වෙන්වී ගියෝය.ඇය අසරණ විය. මෙවැනි තත්ත්වයක් එරෙහි නොරිකොට බලපෑවේ සංස්කෘතියද? නැත්නම්  ලබා උපන් හැටි ද ?එනම් කුමක් කළ යුතුද ? තම අනාගත සහකරුවා කවුරුන් විය යුතුද? යනාදි වශයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට අසමත් වීමයි. මෙබඳු තත්ත්වයක් යටතේ නොරිකෝට මුහුණ දීමට සිදු වන කවර ගැටළුවකට වත් නිසි විසඳුමක් ලබාගත නොහැකිවේ. මේ බව නොයෙක් වර ඇයට ප්‍රකාශ කර තිබේ.

          "මම විවාහ වෙලා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙන විදිහට මගේ අනාගතය සකස් කර ගන්න ඕනේ. මෙමොකෝසන් කිව්වා වගේ කිව්වේ කවර මාර්ගයක් හරි  තෝරාගෙන බය නැතුව එම මාර්ගය ඔස්සේ ගමන් කරන්න කියලා. නමුත් මා ගැන මට එතරම් විශ්වාසයක් නෑ. මට සැබැවින්ම ආදරේ දෙන්නයි ඉන්නේ.එක්කෙනෙක් මගේ යෙහෙළිය එක්ක හදිසියෙම විවාහ වුන තරුණයා, අනිත් තැනැත්තා දෙවොන්දරාසං. මට අරයව නැති වුණේ මගේ හිත මටම නොතේරෙන නිසා. දැන් වුණත් මට තීරණයකට පැමිණීමේ ශක්තියක් නෑ...."

             ඇයට කවර දෙයක් පිළිබඳව නිශ්චිත අරමුණ සිට ක්‍රියා කරවීමට නොහැකි බව මෙවැනි ප්‍රකාශවලින් ගම්‍යමාන වේ. එපමණක් නොව ඇගේ ක්‍රියාකලාපයෙන්ද එය පැහැදිලි වේ. විශේෂයෙන් විවාහය සම්බන්ධ කරුණුවලදී ඇය බෙහෙවින් අසරණ බවක් පෙන්වයි. මන්දයත් ඇගේ ආදරය සැබැවින්ම දිනාගත් පලමු පෙම්වතා තමාගේ ප්‍රමාදයක් නිසා ඇගේම යෙහෙළිය සමඟ විවාහ වන නිසාය. ඊළඟ ආදරය වන දෙවොන්ඳරාසන්  අඩමාන පුද්ගලයෙකි. දෙවොන්දරා පිළිබඳව පවතින මීට වඩා දුර්වල තත්ත්වයකි. නොරිකොසං දිවි ගැටළු විදව විදවා වුවත්  ජීවත් වෙයි.දෙවොන්ඳරා එසේ නොවේ.ඔහු දිවි තොර කර ගැනීමට සිතයි.


          "ඊළඟ දවස් කීපය මා කෙබඳු චිත්ත සන්තාපයකින් ගත කළේද කියා මා හැර අන් කිසිවෙක් නොදනී. මට තෝකියෝවට ගිය නොහැකිය. කියෝතෝ වල සිටිය නොහැකිය. ආපසු මෙරට බලා යාමට ද මා සිතුවෙමි. එහෙත් කොයි ව ගියත් මට මේ ලොව එක සේය.මා වටා මිනිස්සු දහස් ගණනින් සිටිය ද මම හුදකලාවෙන් පසුවෙමි. කිසිවෙකුගේ ආදරය හා සැලකිල්ල මට නොරුස්සයි. කිසිවෙකු මට ආදරේ නොදක්වුවහොත් මැනවැ යි මට සිතේ. ඒ වඩා ලොකු සැනසීමකි. දිවිනසාගැනීම් සිතුවිලිද උපන්නේය...."

           අපගේ කතා නායකයන් දෙපළ වන පෙම්වතුන් යුවළ වාසය කළේ දිවා රාත්‍රී එක සේ  සුන්දර තෝකියෝ  පුරවරයෙහිය. වසන්ත කාලයේ දී එහි නෙත් සිත් පිනවන සකුරා මල් පිපේ. ලෝකප්‍රකට කබුකී න්‍රුත්‍ය වලින්ද කන පිනවන සංගීත රාවයෙන්ද  නගර වැසියෝ ප්‍රීති වෙති. සිත් සේ කමින් බොමින් එහි මිනිසුන්ට කල් ගෙවිය හැකි වුවත් සැමට එක් බඳු නොවෙයි. ඔවුන්ගේ චරිත ගොඩ නැගී ඇති ආකාරය සුඛයක් සමග දුක්ඛ දෝමනස්ස ඇති වේ. එබැවින් නොරිකෝසන්  හා දෙවොන්දරා දෙදෙනාගේ ජීවිතයට වසන්තේ පිපෙන අලංකාර සකුරා මලක් නොවී හිම පතනයෙන් පසු පිපෙන පෙති දෙකේ සකුරා තරමටම සුන්දර නොවීය. අප අත්විඳින ජීවිතයද මෙබඳුම නොවන්නේද?  මළගිය ඇත්තෝ නවකතාව ආරම්භයේ දී කතුවර මහාචාර්ය තුමා අපට පෙන්වා දී ඇත්තේ මේ සත්‍ යම නොවන්නේද?

           "කථාවක් නම් පිරිපුන් රටාවකින් ගොතා හමාර කළ හැකිය.එහෙත් ජීවිතය වියා හමාර කළ නොහැකිව එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය. මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණේ.ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් පිටත්වෙයි..."

           
දෙවොන්දරා සං,  නොරිකෝසං මුලදී උත්සාහ කළ හොඳ ලස්සන රටා වලින් යුත් පිරිපුන් කලාලයක් වැනි ජීවිතයකි. ඒත් කාලයාගේ ඇවෑමෙන් එය සිදු නොවීය. කලකට පසු දෙවොන්දරා සං ට වියා නිමා කරන්නට බැරිව පැත්තකට දමා තිබූ පැදුරු කඩමල්ල සිහිවෙයි. එයින් ඔහු තේරුම් ගන්නේ කුමක්ද, මිනිසුන්ගේ ජීවිතවල ස්වභාවය නොවන්නේද? අපි සිතන පතන ආකාරයට අපේ අභිමතාර්ථයන් ඉටු නොවේ. ඒවා බොහෝවිට දුක්ඛයන්ගෙන් කෙළවර වෙයි. ඒවා විඳ දරා ගත නොහැකිය. ජීවිතය කෙළවර කර දමන්නේ තමන්ගේ ස්වකැමැත්තෙනි. දෙවොන්දරා සං ට එවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවන බව මළවුන්ගේ අවුරුදු දා හිමි වූ මේ නවකතාවේ ද්විත්ව භාගයෙන් හෙලි වෙයි. එය ජීවිතය පිළිබඳ සැබෑ අත්දැකීම් වලින් පිරිපුන් තැනැත්තෝ ජීවිත අභියෝගයත් සමඟ ජීවත් වෙයි. ඒ සඳහා ජීවිතය ගැටලු හඳුනා ගත යුතුය. මළගිය ඇත්තෝ නවකථාව තුළින් ද එබඳු ජීවන යථාර්ථවාදී සියුම් ලෙස විග්‍රහ කරයි. එමගින් අපගේ ජීවිත වඩාත් සුඛනම්‍ය කෙරෙනු ඇත.



Comments

Post a Comment